අද 16 සිට දීපව්‍යාප්තව ලොතරැයි අලෙවිය අත්හිටුවීමට ලොතරැයි අලෙවි නියෝජිත මහතුන් ක්‍රියා කිරීමෙන්
පසුව ඉදිරි දිනවල
දිනුම් ඇදීමට නියමිත ලොතරැයි අලෙවි කරගැනිමේ දුෂ්කරතාවයකට ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පත්ව තිබේ. මේ හේතුවෙන් එම මණ්ඩලවල නිල වෑන් රථ ප්‍රධාන නගරවල නතර කර ජංගම ලොතරැයි මධ්‍යස්ථාන ආකාරයට ජනතාවට ලොතරැයි අලෙවිය අරඹා ඇතැයි වාර්තාවේ.