මින් ඉහත අප විසින් හෙළි කරන්නට යෙදුණ ආකාරයටම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ දේශපාලන තීන්දුවක් ගෙන අද උදෑසන මාධ්‍ය හමුවකදී ඒ ගැන ප්‍රසිද්ධ කර තිබේ.

තමා ස්වාධීන මන්ත්‍රීවරයකු
ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන් වහන්සේ දැනුම් දී ඇත.
ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුල්වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ හිමියෝ 2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.