පසුගියදා තායිලන්තයේ භූමිපෝල් රජු අභාවයට පත්වීම එරට ජනතාවගේ දැඩි කණස්සල්ලට හේතුවී තිබේ. අග්නිදිග ආසියාවේ ප්‍රකට සංචාරක විනෝද නගරයක් ලෙස බැංකොක් නගරය වර්ධනය කරළීම කෙරෙහි
රජුගේ දායකත්වයද ඉහළින් ලැබී තිබුන අතර වසර 70 ක්

තිස්සේ පරම්පරා ගණනාවක් මෙම රජුගේ ක්‍රියාකලාපය අගයන අය බිහිව සිටින නිසා මෙම අහිමිවීම ඔවුන් වැඩි පිරිසකට දරාගන්නට අපහසු තත්වයක් උදාකර ඇත.

රජුගේ අභාවය නිමිත්තෙන් මේ වනවිට රටේ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා .සති දෙකක් සියලු කටයුතු නතරකර රජු වෙනුවෙන් ශෝක වීමට තායිලන්ත රජය ජනතාවට ඉඩ දුන්අතර සියලු විනෝද කටයුතු මාසයකට නතර කරන්නටද තීරණයවී තිබෙනවා. ඒ අනුව තායිලන්තයට වැඩිම ආදයම් ලබාදෙන විනෝද සංචාර සියල්ල එරට මාසයක් නතරවී තිබෙනු ඇත.
මෙයට අමතරව රජු වෙනුවෙන් වසරක කාලයක් එනම් 2017 ඔක්තෝබර් 13 දක්වා රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති නිසා මේ කාලය තුළ කිසිදු රාජ්‍ය උත්සවයක් පවත්වන්නේද නැත.