ජා-ඇල  අද (15) පැවති රැස්වීමකදි  ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙසේ කියා ඇත.

‘කොටි නිදහස් කරන ආන්ඩුව රණවිරුවන්ව හිර ගෙට දක්වනවා ආරක්ෂක ලේකම්වරයා සහා හමුදාපතිවරුන් උසාවියට කැදවලා බංකු උඩු වාඩිකරවලා තියනවා. ජනාධිපතිතුමා රටට කියනවා මේවා දන්නේ නැහැ කියලා
හමුදාපතිවරු උසාවියට දක්කපු එක වැරදියි කියලා.

හත් දෙයියනේ එතුමානේ ජනාධිපති එතුමානේ ආරක්‍ෂක ඇමති එතුමානේ සෙනාධි නායක නතර කරන්න එපායැ දැන් කිඹුල් කදුලූ නොහෙලා අවශ්‍ය නම් මේවා සිදුවෙන එක නතර කරන්න ජනාධිපතිතුමාට තිබුනා
එතුමා හදන්නේ මේ ජනතාව නැවත රවට්ටන්න හමුදාපතිවරුන්ව හිටපු ආරක්ක්‍ෂක ලේකම් වරයාව මේ විදිහට අධිකරණයට කැදවලා සතුටු කරන්නේ කාවද දෙමළ ඩයස් පොරාව .
FCID එකයි අල්ලස් කොමිසමයි වැඩ කරන්නේ දේශපාලන න්‍යායපත‍්‍රයකට අනුව කියලා අපි අවුරුදු 2 ක් තිස්සේ ඉදන් කියනවා. හැබැයි ජනාධිපතිතුමා මේක හදිසියේ කියන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි මේක නාට්‍යයක් අලූත් නාට්‍යයේ එක චරිතයක කොටසක් විතරයි ජනාධිපතිතුමා මේ රගපාලා වෙන්නුවේ ජනාධිපතිවරයාට මේ දේශපාලන නවත්වන්න ඔනෑනම් රටට ඒබ ව ඔප්පු කරලා පෙන්වන්න ඕනෑ‘