ගාලූපාර ඩික්මන් හන්දියේ කහ ඉරි මතදී
දේවි බාලිකා උසස්පෙළ සිසුවිය හා මව
යටකරගෙන ගිය බස් රථය CCTV


පසුගිය 1 වනදා බම්බලපිටිය ගාලූපාරේ ඩික්මන් මංසන්ධිය අසළ මාර්ග සංඥා සහිත පාර මාරුවන ස්ථානයකදී ඉතාම අවාසනාවන්ත බස්රිය අනතුරකට මවක හා දියණියක ලක් වුණා.
පාර මාරුවීමට පදිකයින්ට වෙන් කර තිබෙන සංඥා සහිත කහ ඉරි අසළ සංඥා දැල්වෙන තෙක් පොරොත්තුවී සිට ඉතාම නිවැරදි ලෙස පාර මාරුවූ මෙම දෙදෙනා එලෙස මාරුවන අවස්ථාවේ අනෙක් වාහන නවතා තිබියදී එක්වරම පැත්තකින් ආ නොහික්මුණ බස්රියදුරෙකු
සංඥා නොතකමින් මේ දෙදෙනා වෙත බස්රිය වේගයෙන් හප්පා 


යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
එකවරම විසිව ගිය ඔවුන් දෙදෙන මීටර ගණනාවක් දුරට ඈතින් වැටුණා.

මෙම සිද්ධියෙන් කහඉරි මත ගමන් කළ මව මියගිය අතර දියණිය බරපතල තුවාල ලබා රෝහල් ගත කළා.
වරකාපොල ප‍්‍රදේශයේ පදිංචි මේරි විමලරත්න(46) මව එලෙස මියගිය අතර ඇය සමග ගමන් කළ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින සඳුනි පියරත්න (18) සිසුවිය අනතුරෙන් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබුවා.

බම්බලපිටිය ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින බව කියන සිසුවියට එදින අමතර පන්තියක් තිබී ඇති අතර ඇයව ඒ වෙත කැටුව යන්නට වරකපොළ නිවසේ සිටි මව මෙම ස්ථානයට පැමිණ ගමන් කරද්දී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදු කළ මොරටුව-පිටකොටුව බස් රථය පදවාගෙන පැමිණ තිබුනේ කැබිතිගොල්ලාවේ පදිංචි 23 හැවිරිදි හර්ෂ නුවන් ජයකොඩි නමැති තරුණයෙකි. ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.
තමා එම අවස්ථාවේ සෙනග පටවා ගැනීමේ ‘රේස් එකක‘ නිරතවීම නිසා මාර්ග සංඥා නොතකා රිය ධාවනය කළ බව පසුව පොලිසියේදී ඔහු පිළිගෙන තිබුණි.

ඩික්මන් මංසන්ධිය ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික ආයතනයක සීසීටීවී වීඩියෝවක මෙම අනතුර සටහන්ව තිබුනේ පහත පරිදිය.