හිටපු විනිසුරු සරත් ආබෘ
නිවසේ උඩු මහළකින් බිමට වැටී මියයයි


පසුගිය කාලයේ විවිධ කාරණා නිසා කථාබහට ලක්වූ විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී හදිසියේ මිය ගොස් ඇති බව

කළුබෝවිල රෝහල් ආරංචි වාර්තා කරනවා. ඔහු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව පැවසුණා.
පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ තීන්දුව ලබාදුන් විනිසුරු ලෙසද ප‍්‍රකටව කථාබහට ලක්ව සිටි මෙම විනිසුරුවරයා මින් වසරකට පෙර නිවසේ මෙහෙකාරියට හිංසා කිරීම හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවලට ලක්වූ අතර පසුව ඔහු අධිකරණයට බාරවීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබ සිටියා.
පසුව අධිකරණ සේවා කොමිසම මගින් වැඩ තහනමට ලක්ව ඔහු අධිකරණ සේවයෙන් ඈත්ව සිටියේය.
මියගිය විශ‍්‍රාමික විනිසුරුවරයාගේ මරණ පරීක්ෂණ්‍ය සිදු කරන්නට කළුබෝවිල හදිසි මරණ පරීක්ෂකවරයා කටයුතු සිදු කර ඇත.






Pix Courtesy by dailymirror.lk (Bimal Shaman Jayasinghe)