යුද්ධය සඳහා ප‍්‍රහාරක යානා ගෙනඒමේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මූල්‍ය වංචාවක් කර ඇතැයි හිටපු ජනපතිනිය ඊයේ සිදුකළ ප‍්‍රකාශයෙන් සිදූවූ අපකීර්තියට එරෙහිව නීතීඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යැවීමට කටයුතු කරන බව
පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ ගැන තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කරයි.

ගෝඨාභයට ඇති භීතිකාව හේතුවෙන් මේ අය එක එක කතා කියමින් සිටින බවත්, එක්නැලිගොඩගේ අතුරුදන්වීමට බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ තබාගනිමින් එහි වරද ද ගෝඨාභය මත පැටවීමට උත්සාහ කරන නමුත් එම රණවිරුවන් කිසිවිටෙකත් ගෝඨාභය විරුවාට එරෙහිව කිසිවක් ප‍්‍රකාශ නොකර ඇති බවත්, ඒ මහතා පවසයි.

එසේම හිටපු ජනපතිනිය විසින් යුද්ධයෙන් තුන්කාලක් අවසන් කළ බවත්, මහින්ද රාජපක්ෂට තිබුණේ ඉතිරි කාල බවත්, කියන්නේ එල්.ටී.ටී.ඊය විසින් කොළඹින් තුන්කාලක්ම ඉවර කර ඉතිරි කාල ඉවර කිරීමට තිබියදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ සම්පූර්ණයෙන්ම පරාජය කළ නිසාදැයි හෙතෙම ප‍්‍රශ්න කරයි.

තවද පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බව කියන වික‍්‍රමබාහු කරුණාරත්න අත්අඩංගුවට ගත යුතු බවද ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.