රියෝ ඔලිම්පික් තරගාවලියේ ලංකාවෙ වෙනුවෙන් පළමු වටයෙන් පරාජයවී යාමේ ක‍්‍රීඩකයින් අතර දෙවැනි වටයකට යාමේ බලාපොරොත්තුවක් ඇතිව තිබුණ නිලූක කරුණාරත්න ක‍්‍රීඩකයාගේ
බලාපොරොත්තුවද

වතුරේ ගිය තත්වයක් දැන් වාර්තා වේ.
ඔහු තරග කළ එක් තරගයක් ක‍්‍රීඩාකර ජයගත් අතර තවත් එකක් නිතරග ජයක්ද අනෙක පරාජයටද පත්විය. නමුත් අවසන් 16 දෙනාගේ වටයට ඇතුළත් වීමට නිලූකට නොහැකි වී තිබේ. කාණ්ඩ 13කින් යුත් මෙම තරගාවලියේ නිලූක ඉදිරිපත්ව සිටින්නේ ”පී” කාණ්ඩයෙනි. නිලූක සිය කාන්ඩයේ දෙවැනියා වූ අතර එක් කාණ්ඩයකින් එක් ක‍්‍රීඩකයකු පමණක් තෝරාගන්නා බැවින් නිලූකට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී ඇත. චීනයේ චෙන් ලොන්ග් ”පී” කාණ්ඩයෙන් පළමු ස්ථානය ලබා නිලූක 2 වැනි ස්ථානයට පත්වූ නිසා ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.