එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරය වෙනුවෙන් පක්ෂයේ සියලූ කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකගත කිරිමට පියවර ගෙන තිබේ.
මෙරට දේශපාලන පක්ෂයක කටයුතු සම්පුර්ණයෙන්ම පරිගණක ගත කරන පළමු අවස්ථාව මෙය බව
ඔවුන් පවසා තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ
මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සැප්තැම්බර් 10 දා කොළඹ කැම්බල් පිටියේදි පැවැත්වීමට නියමිතය.