පාලනයට යටත් වන ආහාර 16 ක්
මිල ගණන් සමග ප‍්‍රකාශයට පත්වේ


පසුගියදා රජය කියා සිටි මිල පාලනයකට යටත් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැසට් නිවේදනයට අදාළ කිරිපිටි, කුකුළුමස්,සීනි,පරිප්පු ඇතුළු ආහාර වර්ග 16ක මිල ගණන් අද ප‍්‍රකාශයට පත් කළා.
වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශ ලේකම්  ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා දන්වා සිටියේ ඉදිරියට මෙම මිල ගණන් වලට වැඩියෙන් පහත ආහාර අලෙවි කරන්නට කිසියම් වෙළෙන්දෙකු කටයුතු කරයි නම්
නීතියෙන් කටයුතු කරන බවයි.
මෙම ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව අනුව උම්බලකඩ හා මුං ඇට මිල ගණන්ද අඩු කර ඇත.
මිල පාලනයට යටත් කරන ලද එම ආහාර ද්‍රව්‍යවල එක් කිලෝවක මිල ගණන් ලැයිස්තුව මෙසේය.

කුකුල් මස් (සම සහිත) රු.410.00
කුකුල් මස් (සම රහිත) රු.495.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(ආනයනික) රු.810.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(දේශීය)  රු.735.00
සස්ටජන් කිරි පිටි     ර.1500.00
තිරිඟු පිටි         රු.87.00
රතු පරිප්පු         රු.169.00
ටින් මාලූ         රු.140.00
ටින් මාලූ         රු.70.00
හාල්මැස්සෝ (තායි)    රු.495.00
හාල්මැස්සෝ (ඩුබායි)    රු.410.00
කඩල              රු.260.00
මුං ඇට     රු.220.00
සීනි           රු.95.00
අර්තාපල්     රු.120.00
ලොකු ලූනු      රු.78.00
වියළි මිරිස්     රු.385.00
කට්ට කරවල     රු.1100.00
සාලයා කරවල රු.425.00
උම්බලකඩ     රු.1500.00