තමා අඳින හිජාබ් ඇඳුම තම අයිතියක් බවත් රැකියා ස්ථානය ඒ සඳහා නීති රීති දැමීම වරදක් බවත් කියමින් ඉස්ලාම් ලබ්දික ප‍්‍රංශ ජාතික කාන්තාවක එරට පුද්ගලික සමාගමකට එරෙහිව නඩු මගට පිවිස ඇත.
අස්මා බොංගනව් නමැති සැලසුම් ඉංජිනේරුවරියක වන ඇය මින් ඉහත සේවය කළ සේවා ස්ථාන වලදී එම අවසරය ලැබී තිබි ඇතත් අලූතින් ඇය සම්බන්ධවූ සමාගම තමා හිස වසාගෙන කාර්යාලයට එනවාට විරුද්ධ බව ඇය කියා ඇත. ඇය සම්පූර්ණයෙන් මුහුණ වසන්නේ නැති බවත් හිස පමණක් වසන බවත් තර්ක කර ඇති අතර ඇගේ ප‍්‍රශ්නය මේ වනවිට යුරෝපා කොමිසම දක්වාම දික්ගැස්සී ඇත.