පසුගිය රජය සමයේ ක‍්‍රියාත්මකවූ විශාලතම ව්‍යාපෘතියක්වූ දිවිනැගුම අයථා ගනුදෙනු සම්බන්ධයෙන් අද එෆ්සීඅයිඞී ප‍්‍රශ්න කිරීමට ලක්වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අද පොලිස් අත්අඩංගුවට පත් විය.
ඔහු මින් ඉහත වෙනත් චෝදනා දෙකක් සම්බන්ධයෙන්ද අත්අඩංගුවට පත්ව
ඇප ලබා සිටින අයෙකි.
දිවි නැගුම විශාල ව්‍යාපෘතියට මුදල් අනුමත කිරීම සම්බන්ධ ගැටලූවක් නීතියට පටහැණි යයි කීමට යාම නිසා හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බන්ඩාරනායකට එකල ගෙදර යන්නට පවා සිදුවූ අතර පසුව කෙසේ හෝ එම ව්‍යාපෘතිය මහින්ද රජය මගින් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන ක‍්‍රියාත්මක කෙරිණි.