රුපියල් කෝටි 7ක්සැකසහිත මූල්‍ය ගනුදෙනුවක් සිදු කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අද (18) සිය නඩු විභාගයට පෙනී සිටි අතර එහිදී ඇප මත නිදහස් කරන්නට
විනිසුරු නියම කර තිබේ.
නාමල්ගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් ලෙස ඒකාබද්ධ විපක්ෂය පසුගියදා ප‍්‍රචාරය කර තිබුන අතර ඊට පිළිතුරු ලෙස රජය දන්වා සිටියේ අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් තොරතුරු තිබෙන බව දැනගන්නට ඇති බවත් එය නීතියට අදාළව සිද්ධවූ කාරණාවක් මිස දේශපාලන අතපෙවීමක් මත ගත් තීරණයක් නොවන බවත්ය.