එරාන්,නන්දලාල්,චරිත ආදී විවිධ අය පත් කරන බවට කටකතා පැතිරුණ ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය අවසානයේ කිසිවෙකු විසින් පූර්වයෙන් නම් කර නොතිබූ කෙනෙකුට අද හිමිවුණා. ජනපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එකඟතාවයෙන් ලබන(4) දාසිට මහබැංකු අධිපති ධූරයට ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
මහතා පත් කර ඇති බව

රජය අද නිවේදනය කර තිබෙනවා.
66 හැවිරිදි ඔහු රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර එංගලන්තයේ කේම්බි‍්‍රජ් සරසවියෙන් ප‍්‍රථම උපාධිය ලබා සසෙක්ස් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇත. ඔහු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ හා සංඛ්‍යාලේඛන අංශයේ අවුරුදු 16 ක් පමණ සේවය කර ඇති අතර  ඉන් පසු පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස වසර 18 ක් සේවය කර ඇත. ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකයෙකු ලෙස ඔහු වර්තමානයේ ප‍්‍රධාන පෙළේ සමාගම් කිහිපයක කටයුතු කරමින් සිටියේය.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ධූරයට පත්කිරීම සනාථ කරමින් ජනපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කර ඇත.