පසුගියදා ෆේස්බුක් සමාගමට අයත් ඉන්ස්ටර්ග‍්‍රෑම් ජාලයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 500 ඉක්මවා ගියා. එම සතුටත් සමග ෆේස්බුක් හිමිකරු සකර්බර්ග් කාඞ්බෝඞ් ෆේ‍්‍රම්
එකකට සිය මුහුණ යොදා පුංචි විහිළුවක් කර ඡායාරූපයක් සමාජ මාධ්‍ය වලට මුදා හැරියා.
එම ඡායාරූපය ගැන පසුව අන්තර්ජාල පරිශීලකයන් කතාබහ කර තිබෙනවා. එහි පසෙකින් දැක්වෙන සකර්බර්ග්ට අයත් ලැප්ටොප් පරිගණකය තුළ විශේෂත්වයක් ඇති බවත් සකර් බර්ග් සිය මුහුණ සඟවන්නට ලැප්ටොප් එකේ කැමරාව වැසෙන සේ සෙලෝ ටේපයක් අලවා ඇති බවටත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇතිව තිබේ. ඔහු එසේ කර ඇත්තේ සිය පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමටය.
ෆේස්බුක් ඉන්ස්ටර්ග‍්‍රෑම් හා වට්ස් ඇප් යන ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ත‍්‍රිත්වයේම හිමිකරුවන්නේ සකර්බර්ග්ය.