http://www.gossiplankanews.com/2018/06/rathnapriya-bandu-fairwell.html
යාපනය කිලිනොච්චිය මුලතිව් දිස්ත්‍රික්ක තුනේ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා වසර 5 ක සේවයෙන් පසු  ඊයේ
ස්ථානමාරු ලබා එල්ටීටීඊ පුනරුත්ථාපනය වූ සාමාජිකයන් ගෙන්

වෙන්ව යන අවස්ථාව ඉතා සංවේදී විය.
මෙම අවස්ථාවේ මේ කඳුළු වගුරමින් හඩා  වැටුනේ  එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වු පුනරුත්ථාපනය වී කිලිනොච්චිය යාපනය මුලතිව් ප්‍රදේශවල සේවය කළ  ජනතාවයි
රත්නප්‍රිය මහතා වසර 5 ක කාලයේ එල්ටීටීඊ රැඳවියන් විශාල පිරිසකට ජීවිතය කියාදී යහමගට ගන්නට උත්සාහ කළ අයෙකි. ඔවුන් සිවිල් ආරක්ෂක බලකායන්ට බඳවා ජිවිත ගොඩනගන්නටද උත්සාහ කර තිබුණි. කිලිනොච්චි සමූපකාර ගොඩනැගිල්ලේ පැවති මෙම සමුගැනීමේ උත්සවය සංවිධානය කළේද ඔවුන්ය.

ඡායාරූප - දඹුල්ල කංචන කුමාර ආරියදාස