නව රාජගිරිය ගුවන් පාලමේ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ. විටින් විට එය  දෙදරුම්කෑම ඉදිකිරීම් සම්බන්ධ ගැටලුවක්ද නැතිනම් වෙනයම් හේතුවක් මත සිදුවන්නේද යන්න  ගැන විධිමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මාර්ග සංවර්ධන

අධිකාරියේ ව්‍යපෘති භාර ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සඳහන් කරන්නේ, මේ හේතුවෙන් පරීක්ෂා කිරීම් ඉදිරි දිනවල සිදුවනු ඇති බවයි. ඒ අනුව එම පරීක්ෂණ සිදු කෙරෙන ඇතැම් අවස්ථාවල මංතීරු තාවකාලිකව වසා දැමීමට සිදුවන බවද ඔහු පවසයි.

සිදු කරන විමර්ශන සඳහා පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු අංශද එක්ව ඇතැයි වාර්තාවේ.