http://www.gossiplankanews.com/2018/06/principal-vice-principal-love.html
විදුහල්පතිවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනියක පාසල් කාර්යාලය තුළ අමුතු ආකාරයකව සිටිනවා දුටු සිසුවකුට විවිධ බොරු චෝදනා ඉදිරිපත් කර පාසලින් නෙරපීමේ සිද්ධියක්
ගම්පහ කලාපයට අයත් පාසලකින් වාර්තාවේ.
තමා හුණු කූරක් ගෙන එන්නට විදුහල්පති කාමරයට ගිය අවස්ථාවේ
විදුහල්පති හා නි.විදුහල්පතිනිය අසභ්‍ය ආකාරයේ හැසිරීමක යෙදෙමින් සිටිනු දුටු බවත් පසුව ඒ බව මිතුරන්ටද පැවසූ බවත් මෙම සිසුවා පවසයි.

මෙම සිද්ධියෙන් පසු ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය අමානුෂික පහරදීමකට ලක් කළ බවත් සිසුවා පවසා ඇත.එදින මෙම සිසුවාගේ මව කැඳවා කිසිදු වැදගත් හේතුවක් නොදක්වා විදුහල්පති බලතල භාවිත කර සිසුවාව පාසලෙන් ඉවත් කර තිබේ.


පාසලේ මුලසිටම ඉගෙන ගෙන ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රීඩා කටයුතුවලින්ද ජයග්‍රහණ අත්කරගෙන කැපී පෙනෙන සිසුවෙකු ලෙස නමක් දිනූ මොහුව අසාධාරණ ලෙස නෙරපා දැමීම ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට සිසුවාගේ දෙමාපියන් ඉන් පසුව කටයුතු කර ඇතත් කිසියම් දේශපාලන බලපෑමක් මත එම ගැටලුව විමර්ශනය නොකර හරින බවත් වාර්තාවේ.

අසභ්‍ය හැසිරීම් සිද්ධියෙන් පසු දිනපතා විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ අවස්ථාවේ බේරාගත්තේ වෙනත් ගුරුවරයකු බවත් වැඩිදුර විස්තර කර ඇත.

සිසුවාගේ කොණ්ඩ කැපීමේ සිද්ධියේදී විදුහල්පති කාර්යාලයට පොලිසියේ දෙදෙනකු සහ තම මව ද කැඳවා තිබුණු බවත් තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව දක්වමින් බරපතල වරදකට පැටලූ බවත් සිසුවා කරන පැමිණිල්ලේ දැක්වේ.

ඉත්පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපනය කාර්යාලයට පැමිණිලි කර කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් ඇවිටිලි කළ පසුව අවසානයේ  කලාපයේ වෙනත් පාසලක් ලැබී  තිබුණත් විදුහල්පතිවරයාට එරෙහිව කිසිවක් සිදුව නැති අතර සිසුවා දැඩි මානසික පීඩාවට පත්වී ඇතැයි වාර්තාවේ දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි කටයුතු යටගසා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි වාර්තා කර තිබේ.