තරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ
කාන්තාවක බවත් ඇය  මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවාගේ අනියම් බිරිය
බවත් පොලිසියට ලැබුණ තොරතුරු අනුව දීපිකා නමැති එම කාන්තාව මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට පත්ව තිබේ.
ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන
කපුමහතාගේ අනියම් බිරිඳ ලෙස

කාලයක් තිස්සේ ඇසුරු කරන බව කියන මෙම කාන්තාව කතරගම ප්‍රදේශයේම පදිංචිකාරියකි.
විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන
කපු මහතා සමග එක්‌ව එම ප්‍රහාරය සැලසුම් කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමටද මෙම කාන්තාව
මැදිහත් වී ඇත.
ප්‍රහාරය එල්ල කළ වෙඩික්‌කරුවන් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම, ඔත්තු බැලීම ඇතුළු තවත් ක්‍රියාවන්
රැසක්‌ මෙම කාන්තාව විසින් සිදුකර ඇති අතර සැකකාරියගේ ජංගම දුරකථනය පරීක්‌ෂා කිරීමේදී
වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
ඇය කිනම් කාරණාවකට මෙම මෙහෙයවීම කළේද යන්න ඉදිරියේදී අනාවරණය වනු ඇතැයි පොලිසිය දන්වා සිටී.