වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත මෙතෙක් පනවා තිබු සියයට 15 ක් වු වැට් බද්ද ජූලි මස 1 වන දා ඉවත් කිරීමට රජය තීරණය කර  ඇති බව  මුදල් හා  ජනමාධ්‍ය
අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ කියා සිටියේය.


2016 වසරේ දී වෛද්‍ය උපදේශන ගාස්තු මත වැට් හඳුන්වා දුන් අවස්ථාවේ දී රෝහල් කාමර ගාස්තු, වෛද්‍ය වෘත්තික ගාස්තු හා චැනල් ගාස්තු යන තෝරා ගත් සෞඛ්‍ය සේවා සැපයීමට වැට් බද්ද පණවනු ලැබු බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ අනුව බාහිර රෝගී අංශය(OPD) සඳහා තිබු වැට් බදු  සහ චැනල් ගාස්තු වල වැට් බදු වත්මන් රජය විසින් ඉවත් කරන බව  අමාත්‍යවරයා කියා සිටියේය.
නමුත් පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා පනවා ඇති බදු මුදල්වල කිසිදු වෙනස් වීමක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.