එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ක
ණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව

සඳහා වන වාර්තාව අලුත් කිරීමට එංගලන්තය ඊයේ සමත් විය.
 ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 6කට ලකුණු 481 ක් රැස් කරමිනි.
ලකුණු 444ක් ලබා එංගලන්ත කණ්ඩායම මීට පෙරදීද එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමකදී රැස් කළ කණ්ඩායම ලෙස පෙරමුණේ රැඳී සිටියේය.
තරගය එංගලන්තයේ, නොටිම්හැම්හිදී පැවැත්විණි. ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 159කි. ජේසන් රෝයි ලකුණු 82කට දැවී ගියේය.
විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ඇලෙක්ස් හේල්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 151ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.ඇලෙක්ස් හේල්ස් ලකුණු 147ක් ලබා ගත්තේය.
ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 139ක් ලබා ගැනීමට සමත් විය.නායක ඔයින් මෝගන් ලබා ගත් ලකුණු ගණන 67කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව 239 ක් ලබා පරාජය විය.