http://www.gossiplankanews.com/2018/05/theft-stratergy.html
න් භාණ්ඩ කොල්ලයක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් පිරිසකට එම රාජකාරිය කරන්නට අපහසුතාවය ඇති වන ආකාරයට කොල්ලකරුගේ පියා විසින් යෙදූ අපූරු උපායක් ගැන හලාවත පොලිසියෙන් වාර්තාවේ.
පොලිසිය නිවස පරීක්ෂා කරන්නට පැමිණි අවස්ථාවේ මත්පැන් පානය කළ නිලධාරීන් පිරිසක් කරදර කරනවා යයි කළ පැමිණිල්ල නිසා තමන් මත්පැන් පානය නොකළ බව සනාථ කර පෙන්වීම පිණිස පරික්‍ෂණ තුනකට
පෙනී සිටීමට සිදු වූ බව හලාවත පොලිසිය කියයි. මෙවන් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූයේ හලාවත පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හය දෙනෙකුටය.
හලාවත පොලිස් වසමේ පදිංචි වෛද්‍යවරයෙකුගේ නිවසක් බිඳ එම නිවසේ තිබූ රන් භාණ්ඩ තොගයක් කොල්ලකා ඇති බවට

එම වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව පොලිසිය වහාම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම් පිණිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

කොල්ලයට සම්බන්ධ සැකකරුවකු මාරවිල ප්‍රදේශයේ පදිංචි බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරිහු හයදෙනෙක් ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස පිටත් විය. ඒ සමගම එම නිලධාරින්ට වහා සේවා ස්ථානයට වාර්තා කරන ලෙසට උසස් නිලධාරියකු විසින් නියෝගයක් ලබා දී තිබුණි. මෙහෙයුම අතරමග නතර කළ නිලධාරීහු වහාම උසස් නිලධාරියා හමුවට ඉදිරිපත් වූහ. නිලධාරීන් අධික ලෙස බීමතින් නිවසකට පැන හිරිහැර කරන බවට ලද පැමිණිල්ලක් මත නිලධාරීන් කැඳවා ඇති බවත් ඒ අනුව ඔවුන් බීමතින් දැයි පරික්ෂා කිරීමට පියවර ගත් බවත් පොලිසිය කියයි.

මූලික විමර්ශනයේදී ඔවුන් බීමත්ව නොසිටි බව හෙළි වුවත් ඉන් සෑහීමකට පත් නොවූ පසු යළි උසස් නිලධාරියකු විසින් ද ඔවුන් බීමතින් සිටීදැයි පරීක්ෂා කරන ලදී.

එහිදී ද එම නිලධාරින් බිමතින් නොසිටි බව හෙළි වුත් ඉන් සෑහීමකට පත් නොවූ උසස් නිලධාරියකු යළි නිලධාරීන් හයදෙනා හලාවත රෝහලට යවා වෛද්‍ය පරික්ෂණයකට ද යොමු කෙරීණ. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් එම නිලධාරීන් හයදෙනා පරිකෂා කිරීමෙන් පසුත් එහිදී ද හෙළිවී ඇත්තේ ඔවුන් බීමතින් නොසිටි බවයි. බිමතින් සිටි බවට වූ ප්‍රශ්නය මත රන් භාණ්ඩ කොල්ලකරු අත්අඩංගුවට ගැනීමටද නොහැකිවී තිබේ.
මෙහිදී හෙළිව ඇත්තේ කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදි කොල්ලකරු ගලවා ගැනීම පිණිස ඔහුගේ පියා පොලිස් නිලධාරින් පිරිසක් බීමතින් තම නිවසට පැමිණ කලබල කරන බවට උසස් නිලධාරියෙකුට පැමිණිලි කර ඇති බවය.