http://www.gossiplankanews.com/2018/04/wedding-interview.html
පෙරේදා මාතර දිසා ලේකම් කාර්යාලයේ පවත්වා තිබෙන උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කිරීමේ සම්මුඛ පරීක්ෂණයකට මනමාලියක ලෙස සැරසී පැමිණි අපේක්ෂිකාවක ගැන කාගේත් අවධානය යොමු විය. ඇයගේ මංගල උත්සවය එදින පැවැත්වීමට
කල් ඇතිව යොදාගෙන තිබී ඇති අතර

සම්මුඛ පරීක්ෂණය ගැන දැනගෙන ඇත්තේ මෑතකය. කෙසේ වෙතත් සිය රැකියාව ලබාගන්නට හිමිවූ විරල අවස්ථාව පැහැර හරින්නට බැරි නිසා මංගල උත්සවය අතර එම ඇඳුමින්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණ එයට පෙනී සිටීමට ඇයට සිදුවිය.
ඇය බෙරලපනාතර කැටවලගම අමාලි ප්‍රියදර්ශනී නමැති උපාධිධාරිනියකි. ඇය සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේ ලේඛනයේ අත්සන් කරද්දී ඇගේ මනාලයාද අසළ සිටින ඡායාරූපය මේ සමග වේ.
(ඡායාරූපය - ක්‍රිෂාන් ජීවක ජයරුක්)