http://www.gossiplankanews.com/2018/04/imo-lover-trouble.html
ම දියණිය දින කිහිපයකින්ම නිවසට නොපැමිණීම නිසා කලබලයට පත් කළුතර ප්‍රදේශයේ නිවසක දෙමාපියන් ඇයව හැමතැනම සොයා පොලිසියටද දැනුම් දී තිබේ. 28 හැවිරිදි එක්දරු මවක වූ අතුරුදන් තරුණිය දරුවාද රැගෙන නිවසින් පිටත්ව කිසිදු තොරතුරක් නැතිව දින ගණනාවක් නිවසට නොපැමිණීම ඔවුන්ගේ විස්සෝපයට හේතු විය.
පසුව පසුගියදා කළු ගඟේ පාවෙමින් තිබියදී
ගොඩට ගෙන නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබූ කාන්තා මළ සිරුරක් ගැන ආරංචියක් ලැබී ඔවුන් එය බලන්නට ගොස් තිබුණ අතර අතුරුදහන්ව සිටි තම දියණියගේ බවට මව්පියන් විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව සිරුර නිවසට රැගෙන විත් භූමදාන කර ඇත්තේ

අවාසනාවන්ත මරණය ගැන කම්පාවට පත්වෙමිනි.
දරුවාට වුණ දෙය ගැනද ඔවුන්ට කිසිවක් ආරංචි වී නැත.
කෙසේ වෙතත් දින කිහිපයකට පසු එම දියණිය දරුවාද සමග නිවසට පැමිණ තිබෙන්නේ කාහටත් විශ්මය දනවමිනි.
සිදුවූ සියල්ල දැනගැනීමෙන් පසු ඇය පවසා ඇත්තේ ඉමෝ ජාලය ඔස්සේ හඳුනාගත් තරුණයෙක් සමඟ ඇති කර ගත් සම්බන්ධතාවක් මත ඔහුත් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හල්වල තමා නැවතී සිටි බවයි.
දින 25 ක් තිස්සේ පැවති සම්බන්ධය නිමා කර ඇය නැවත නිවසට පැමිණි බවද පවසා තිබේ.
ඉකුත් 10 වන දා කළු ගඟේ පාවෙමින් තිබියදී නාඳුනන කාන්තාවගේ සිරුර ඒ අනුව වෙනත් කෙනෙකුගේ බවට පොලිසියට ඒත්තු ගිය අතර අදාළ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී  සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති නිසා නැවත ගොඩගෙන පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කරනු ඇතැයි වාර්තාවේ.