පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවියක නේවාසිකාගාරයේ තෙවැනි මහලින් වැටි රෝහල් ගත කළ බව පේරාදෙණිය පොලිසිය වාර්තා කරයි.

මහියංගනයේ මාපාකඩ

පදිංචි  සිසුවියක වන ඇය අවුරුදු නිවාඩුව අවසන් කර පසුගිය දා සිය නිවසින් පිටත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය වෙත පැමිණ ඇති අතර පස්වරු 6.00 ට පමණ රෙදි වැනිම සදහා එම ශාලාවේ තුන් වන මහලට පිටතින් ඇති කොරිඩෝවේ රෙදි වැලක් ගැට ගැසිමට යාමේදි මෙම අනතුරට මුහුණ පා ඇතැයි තොරුතුරු අනාවරණය වී තිබෙයි.

විශ්ව විද්‍යාලයේ සිසුන් හා විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය එක්වී ඇය පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර මහරෝහලට මාරු කර යවා තිබේ.