http://www.gossiplankanews.com/2018/04/hali-ela-teacher-case.html

හාලිඇළ ප්‍රධාන පාසලක සිසුවෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක ගුරුවරියක ඊයේ බදුල්ලේදී අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
2017 වසරේ ජූනි මස සිදුවූවායැයි පැවසෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන්
පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී ය.
මේ වනවිට පාසල් සිසුවා සහ ගුරුවරිය මානසික රෝගයකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරන්නේ, වයස අවුරුදු 50 වයසැති සැකකාර ගුරුවරිය පාසලේ පැවති උත්සව අවස්ථාවකදී වයස අවුරුදු 15 ක් වයසැති තම පිරිමි දරුවා අපයෝජනය කළ බව ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර පාසල් ගුරුවරිය මේ වනවිට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.
මීළඟ නඩු දිනය මැයි මස 04 වන දා කැඳවීමට නියමිත වේ.