http://www.gossiplankanews.com/2018/04/kadugannawa-tunnel-on-risk.html
ඉංග්‍රීසීන් කන්ද උඩරටට ප්‍රවේශවීමට පැවති බාධකය ඉවත් කර ගලක් විද්ද ඓතිහාසික ස්ථානය ලෙස සැලකෙන කඩුගන්නාව ගල් බිංගය කඩා වැටීමේ අවදානමක් නිසා ඊයේ 24 සිට
මුක්කු ගසා එම ස්ථානයේ නැරඹීම පවා තහනම් කර පාර වසන ලද බවට පුවරුවක්ද සවි කරන්නට යෙදුණි.
පසුගිය සතියේ මෙම ස්ථානයේ පැල්මක් ඇති වූ පසු කඩුගන්නාව විධායක ඉංජිනේරු කාර්යාලය පෙරේදා 23 සිට එම ස්ථානයේ වාහන ගමනාගමනය නවතා දමන ලද අතර එම පැල්ම ඇති ස්ථානයේ මුක්කු යොදා එහි පරික්ෂණ කටයුතු ආරම් කරන ලදි.

මෙම ස්ථානය මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් පසුගිය 2017 ජුනි මස සිට මිලියන 24 යොදවා සංවර්ධනය සිදුකරමින් පිළිසකර වැඩ සිදු කරමින් පැවති අතර ඒ වැඩ තවම අවසන් නැත.