http://www.gossiplankanews.com/2018/04/gihani-weerasinghe-chogm-rumours.html

 න්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්වූ පිරිස අතර සිටි අමුතු ඇස් ඇති පුළුල් ළැමැති තරුණියක ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතන්දර පැතිරිනි.
ඇයගේ ඡායාරූප සමග ඇයට අයත් යයි සැලකෙන හැඳුනුම්පතක්ද තිබෙන අතර එහි ඇගේ තනතුර ලෙස vice president -public relations, Sri Lanka European union business council යන්න සඳහන් වෙයි.
ඇය ලන්ඩනයේදී ජනපති සමගත්, ඇමති නිමල් සිරිපාල සමගත්, ඇමති බදුර්දීන්
සමගත් පෙනී සිටි ඡායාරූපද සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී ඇත.  ෆේස් බුක් ගිණුම් පරීක්ෂා කිරීමේදී ඇය ලංකාවේදී නිරූපිකාවක හෝ නිළියක ලෙස පෙනී සිටි අයෙකු බවට තොරතුරු හමුවන අතර ප්‍රකට නළු නිළියන් සමග පෙනී සිටි ඡායාරූපද තිබේ.

ඇය ලන්ඩනයට එක්ක ගියේ ජනපතිද වෙනත් කෙනෙකුද යන්න පැහැදිලි නැති නමුත්

ඒ ගැන විශාල වශයෙන් කටකතා පැතිර තිබුණි. මේ නිසාම ජනපති මාධ්‍ය අංශය එය පැහැදිලි කිරීමට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළ අතර එහි කියා ඇත්තේ
‘නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙම සමුළුව වෙනුවෙන් එක්වූයේ ජනාධිපති බිරිඳ, නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන හා බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, භාෂා පරිවර්තක , විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු, ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් ,පෞද්ගලික මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් පමණි.අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවටය.
සියයකට අධික දූත පිරිසක් සහභාගී වූකතාවද අසත්‍යයකි.‘ ලෙසිනි.

 ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම  මැයව ආර්ථික උපදේශිකාවක් ලෙස එංගලන්තයට රැගෙන ගොස් තිබෙන බව සමාජ මාධ්‍ය තුළ පැතිරුණ කටකතා වල දැක්විණි.
වාර්තාවන ආකාරයට ඇය මෙම අවස්ථාවට සහභාගි වී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ආර්ථික සහයෝගීතාවය නියෝජනය කරමින් යුරෝපා කොමිසමේ නිලධාරිනියක ලෙස එංගලන්තයේදීමය.
 ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්

http://www.gallery.gossiplankanews.com/photoshoot/gihani-weerasinghe-photo-shoot.html