ගිනි අවි පෙන්වා පහරදුන්නැයි 
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට


 පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ඊයේ නාරාහේන්පිටදී ඇතිකරගත් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
නාරාහේන්පිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පසු තරුණයින් දෙදෙනෙකුට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කර
පහර දෙන ලද බවට

ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනුවී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල  අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 නෙළුම් පොකුණට යාබද පටු මාවතකදී මින් ඉහත වාහනය බීමත්ව ධාවනය කර පොදු දේපළට අලාබ කළේ යයි ඔහුව වරදට හසුවූ අතර රුසියානු තරුණියන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කාමරවලට ගෙන්වා ගැනීම හා බීමත්ව ගුවන් යානයක දොර විවරකරන්නට උත්සාහ දැරීම වැනි චෝදනා නිසාද ඔහු ගැන කථාබහට ලක්ව තිබේ.