උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියානු නියෝජිතයින් හරහා ඇමරිකානු නායකයා හමුවීමට කළ යෝජනාවක් සාර්ථකවී තිබේ.
කිම් ජොන් උන් හමුවීමට තමා සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ස් ඊයේ (8) ප්‍රකාශ කර තිබේ. මේ අනුව දෙරටේ නායකයන් දෙදෙනා අතර මුහුණට මුහුණ පැවැත්වෙන පළමු සාකච්ඡාව
මෙය වනු ඇත.

න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතා දමමින් න්‍යෂ්ටික අවි හරණයකට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එකඟතාව පළ කර ඇතැයිද  දකුණු කොරියානු තියෝජිතයෝ ට්‍රම්ප්ට දැනුම් දුන්හ.
 දෙදෙනා අතර හමුව ලබන මැයි මාසයේදී පැවැත්වෙන බවත් දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක කාර්යාලයේ ප්‍රධානී චන්ග් අසු යොග් පැවසිය. කෙසේ වෙතත් නායකයන් දෙදෙනා අතර හමුව මාස කිහිපයක් ඇතුළත සිදුවන බවත්, හමුවීම සිදුවන නිශ්චිත කාලය හා දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව පමණක් ඇමරිකා එක්සත් ඡනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දන්වා ඇත.
උතුරු කොරියා නායකයා හා ඇමෙරිකා ජනාධිපතිවරයා අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත හමුවට සුබපැතුම් එක්කරන බව චිනය සහ රුසියාව ඊයේ (8) නිවේදනය කළේය.
කොරියානු අර්ධද්වීපයේ ඇති වී තිබෙන න්‍යෂ්ටික අර්බුදය නිවැරැදි දිසාවට ගමන් කරමින් තිබෙන බවත් න්‍යෂ්ටික අවිහරණය කලාපයක් බවට පත්කිරීම සඳහා දෙපාර්ශවයම නිවැරැදි දේශපාලන තීරණ ගනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය දන්වා ඇත.