යුක්රේනයට යාබද ක්‍රීමියාවේ සිව්හැවිරිදි දැරියකගේ හා ඇගේ දෙමාපියන්ගේ කුරිරු ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තුළ වාර්තා පළව තිබේ.
මෝටර් රථයක් අලෙවි කරන බවට අන්තර්ජාලය ඔස්සේ පළ කළ දැන්වීමක් අනුව එය මිලට ගන්නට ගියමෙම පවුලේ මව හා පියා මරා දමා මුදල් පැහැරගැනීමේ බිහිසුණු ක්‍රියාවෙන් පසු ඔවුන් පැමිණි මෝටර් රථය තුළට මළ සිරුරු දමා දැරියද පණපිටින් වාහනයට දමා වාහනය ගිල්වා දමා ඇතැයි පරීක්ෂණ වලදී
අනාවරණය වීතිබේ.
දෙමව්පියන්ගේ වෙඩි උණ්ඩ සහිත ශරීර සමග මෝටර් රථයට බලහත්කාරයෙන් ඇතුළු කළ සිව් හැවිරිදි දැරිය දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ බවද පොලිසිය වාර්තා කර තිබේ.
කොන්ස්ටන්ටින් (35) සහ ඉන්නා ලැර්කොව් (32) දෙදෙනා හා දියණිය ආරිනා (4) මෙම සිද්ධියෙන් මියගොස් ඇත.

ක්රිමියාව හරහා පැය දෙකක් ගමන් කර ගොරේස්කි නමැති කුඩා ගම්මානයකදී මෙම අත්දැකීමට මුහුණදී තිබේ.
කුඩා ගම්මානයට පැමිණ එහි නව රථයේ අයිතිකරුවන් යැයි කියා සිටි දෙදෙනෙකු මුණගැසීමෙන් පසු රූබල්  255,000 ක මෙම කොල්ලය සිදු කර තිබේ.
මියගිය පවුල යුක්රේනයේ Feodosia හි වාසය කළ අය විය. ඔවුන් දිගු කලක් නිවසට නොපැමිණි නිසා දිගටම නිවසේ බල්ලා උඩු බිරලීම සැකයට තුඩුදී අසල්වාසීන් කළ සොයා බැලීමෙන් පසු පොලිස් පරීක්ෂණ ඇරඹිණි.
පොලිස් පරීක්ෂණ අනුව සිද්ධියට සම්බන්ධ අය, වර්ඩ්ර් රව්න් සමාර් (28) නමැති අපරාධකරු ලෙස හදුනාගෙන තිබේ.
මෘග ඝාතනයෙන් පැය එකහමාරකට පසු සෙවනස්පෝල්හි බන්ධනාගාර මුරකරුවෙකු ලෙස රාජකාරී සේවයට එම තැනැත්තා වාර්තා කර තිබෙන බවද සැලවිය. නමුත් සතියකට පසු ඔහුව පොලිසිය සොයාගත් පසු ඝාතනය සිදුකළ අයුරු ගැන පාපොච්චාරණය කර ඇත.