මහසෝන් බලකා කාර්යාලයෙන්
පෙට්‍රල් බොම්බ පත්‍රිකා සහ බැංකු පොත් හමුවේ

අමිත් සුරේද හැර
අත්අඩංගුවට පත්වූ අය අතර හිමි නමකුත්



මහනුවර ප‍්‍රදේශයේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මහසොන් බළකායේ ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය ඊයේ (13) පොලිසිය සෝදිසියට ලක් කර තිබෙන අතර පෙට්‍රල් බෝම්බ 7 ක් වෛරය ,ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට සුදානම් කර තිබුණ පත්‍රිකා පෝස්ටර්, බැනර්
ඇතුලූ භාණ්ඩ රැසක් හමුවී තිබේ.
මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්, බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර,වෛරය ඇති වන වැකි සඳහන් අත්පළඳනා, පරිගණක යන්ත්‍රද හමුව තිබේ.
මීට අදාළව අත්අඩංගුවට ගත් අමිත් හැර සෙසු සැකකරුවන් නව දෙනාගේ පුද්ගල නාම

සහ ඔවුන් පදිංචි ප්‍රදේශ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ හෙළිදරව් කළේය. ඒ අතරට හිමි නමක්ද ඇතුළත් විය.
එම සැකකරුවන්ගේ විස්තර මෙසේය.

  • නස්නාරන් පට්ටිගේ සුරේද සුරවීර (කිඹුල්ගොඩ, යක්කල)
  • සම්පත් අනුර ශ්‍රී කුමාරසිංහ (වෑවල වැව, දඹුල්ල)
  • ආරච්චි කුඹුරේ සෝභිත හිමි (කුම්බිටිකුලිය, බංගදෙණිය)
  • ආසිරි චතුරංග - (කුරුඳුවත්ත, හලාවත)
  • ඉසුරු ප්‍රියංකර කුමාර - (රජවැල්ල)
  • සුමිත් චමින්ද - (හඳගිරිය, බළන්ගොඩ)
  • අසංක ප්‍රදීප් වීරසිංහ - (කෙංගල්ල)
  • ජයනාත් ඇන්ටන් ගුණරත්න - (මුරුතලාව, පේරාදෙණිය)
  • රශ්මිත බණ්ඩාර මහවත්ත (කොළඹ පාර, හලාවත)
මෙම සැකකරුවන් පිරිස මේ වන විට නුවර සිට කොළඹට රැගෙනවිත් ත්‍රස්ත විමර්ශන කොටිඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.
මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන් යොදවා පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.