මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) පස්වරුවේ සිය ජපන් සංචාරය අතර ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු හමුවකදී ජනාධිපතිතුමා මෙසේ කියා සිටියේය.

‘මහනුවර ගැටුම් වැඩිවෙන්න මූලික වුනේ ෆේස් බුක්. අපි රජය විදිහට තාවකාලික තහනම ඇති කළේ
නැත්නම් සමහරවිට

අද වනවිටත් රටටම පැතිරිලා ඒ බරපතල ගැටුම් කාරී තත්වය. ඒ නිසා අපට සිදුවුණා තාවකාලිකව එය නවත්වන්න. දැන් එහෙම නැවැත්තුවාම වෙච්ච හොඳ දේ වගේම පාඩු අලාබත් අපි දන්නවා.
මේකට කිසිසේත්ම අත තබන්න බෑ කිව්වට අපි වහල දැම්මාම ලෝකෙ වටේ මහත්තුරු දැන් එනව කොම්පැනිවල ආදායම පහළ ගිහින් කියාගෙන. රජයේ ආදායම බොහොම ඉහළ ගිහින් රජයේ ආදායම මේ නිසා ඉහළ ගියා. ටෙලිකොම් විදුලි සන්දේශන නියාමන කොමිසම දවසේ ආදායම මිලියන 200 ට වඩා වැඩි වුණා. ෆේස් බුක් නිසා අපි බැනුම් අහනවා විතරක් නෙමේ අපේ ආණ්ඩුවේ ආදායමෙත් කෑල්ලක් ගලවගන්න බව මේකින් පේනවා.
මේ අයහපත් දේ පාලනය පිළිබඳ අපි ඒ සමාගම් සමග එකඟතාවක් ඇති කරගන්නවා. ඒ අනුව රටට අලුත් වැඩපිලිවෙලක් හඳුන්වල දෙනව ඉදිරි සති කිහිපයේදී.‘