බස්නාහිර පළාතේ පිහිටි රජයේ රෝහල්වල කිලිට් රෙදි සේදීම ඉන්දියානු සමාගමකට ලබාදීමට සෞඛ්‍ය අමාතයංශය පියවර ගත හොත් පාරමිපරිකව එම වෘත්තියේ නියැළෙන පවුල් දහස් ගණනකට සිය ජීවනෝපාය අහිමි වීමේ ඛේදවාචකයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි රජයේ රෝහල්වල රෙදි පිරිසුදු කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.
මධ්‍යම පරීසර අධිකාරියේ බලපත්‍රය සෞඛ්‍ය වෛද්‍ය නීලධාරියාගේ යෝග්‍යතා සහතිකය. ග්‍රාම නිලධාරි
සහතිකය සහ පෙර සේවා පළපුරුද්ද යනාදි සිදුසුකම් රැසක් සැපිරූ අයට පමණක් රෝහල්වල කලිටි රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙන අතර විෂබීජ ‍හෝ ආසාදන තත්වයක් මත මෙතෙක් කිසිදු ගැටලුවක් මතුව නැතැයි රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ ලේකම් කේ.එස්. ජයමාන්න මහතා පැවසීය.

එවැනි තත්ත්වයක් මත පවුල් දහස් ගණනකගේ පාරම්පරික ජිවන වෘත්තිය වළ පල්ලට ඇද දමමින් රටේ මුදල් ඉන්දියානු සමාගමකට පැවරිමට එරෙහිව දැඩි වීරෝධයක් දක්වන බව ලේකම්වරය සඳහන් කළේය. වසර 30කට අධික කාලයක් මවුපියවරුන්ගේ සිට තම සංගමයේ සාමාජිකයන් රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කරදීමේ නියැළෙන අතර තවත් දහස් ගණනකට එමගින් වක්‍ර රැකිය අවස්ථා සලකදී තිබෙන බව ද ජයශාන්ත මහතා කීය.

රෝහල්වල රෙදි කොන්ත්‍රාත්තුව ලබා ගැනීම පිණිස තම සංගමයේ සාමාජිකයන් බැංකු ණය ලබාගෙන රෙදි වියළීම් යන්ත්‍ර සූත්‍ර පවා ලබාගෙන තවත් පිරිසක් සේවයටද බදවාගෙන තිබෙන අතර තම සේවාව අහිමි කිරීමෙන් පවුල් දහස් ගණනක් බරපතල දුෂ්කරතාවකට පත්වන බව ද ඔහු කීය.
බේරේ වැව් ජලය රෝහලවල රෙදි සේදීම සඳහා භාවිත කරන බවට සෞඛ්‍ය ඇමැතීවරය නගන චෝදනාව, සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද එවැන්නක් සිදු වන්නේ නම් කළ යුතු වන්නේ එය කරන්නාගේ ටෙන්ඩරය අවලංගු කිරීම මිස මුළු බස්නාහීර පළාතේම රැකියා දහස් ගණනක් ඉන්දියට විකුණා දැමීම නොවන බව ද ලේකම්වරයා පැවසීය.