පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නිළිය සමානය දිනාගත් ෆ්‍රාන්සස් මැක්ඩෝමර්ගේ සම්මානය සොරකම් කර තිබේ.

 ඒ සම්මාන උළෙල අවාසනයේදී ගවනර්ස් බෝල්හි  පවත්වන ලද උත්කර්ශවත් රාත්‍රී සාදය අතරතුරදීයි. සිමීත
ආරාධිතයන් පමණක්

පැමිණෙන එම රාත්‍රී සාදයට අවසර පත්‍රයක් සහිතව පැණි ටෙරී බ්‍රයන්ට් නමැතක් රන් පැහැති මෙම සම්මානය සොරාගෙන මඳක් ඉවතට ගොස්  සෙල්ෆි ඡායාරුපයක් ගෙන සමාජ ජාලයට එසැණින් මුදාහැර තිබීම නිසා ඔහු පසුව කොටු විය.
ඔහු එම ස්ථානයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති අතර සම්මානය යළි හොලිවුඩ් රංගන ශිල්පිනිය වෙත ලබාදීමට කටයුතු කර ඇත. 47 හැවිරිදි සැකකරු ඩොලර් 20,000ක ඇප මත නිදහස් කර ඇති අතර ඔහුට ඉදිරි දිනකදී නඩු විභාගය සඳහා අධිකරණය හමුවට පැමිණෙන්නැයි ද දක්වා තිබේ. සම්මානය යළි ලැබීම නිසා සතුටට පත් මැක්ඩෝර්මන් පවසා ඇත් තමන් එය චීස් ඩබල් බර්ගර් එකක් රස විඳිමින් සතුට සැමරූ බවයි.