මුස්ලිම් පිරිසක්  සිංහලයකුට පහර දීලා
එහෙම දෙයක් වුණහම ඒකෙ හැඩේ විතරයි බැලුවේ

- ගලගොඩ අත්තේ ඥාණසාර හිමි


මහනුවර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ පුවත්පත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. පහත පළවන්නේ එයයි.

‘අපි අද ගතකරන්නේ ඉතාම සංකීර්ණ වගේම කනගාටුදායක ලෙස සිදුවීම් සිදුවන අවස්ථාවක, දවසින් දවස රට ඇතුළේ විවිධ සංසිද්ධීන් මුල්කරගෙන ප්‍රචණ්ඩකාරී හැසිරීම් බොහෝමයක් දැකගන්න ලැබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වුණ සිද්ධීන් අපි කිසි ලෙසකවත් අනුමත කරන්නෙ නෑ. එම සිදුවීම්වලින් වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ වගේම බයෙන් තැතිගත්තු සිංහල, මුස්ලිම් කියල භේදයක් නැතුව මේ සියලූ මිනිස්සුන්ට අපි කනගාටුව ප්‍රකාශ කරන්න ඕන. මොකද හේතුව ආවේගශීලීව හා  කලහකාරි බවෙන් ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න බැරි නිසා,
හරියටම ගිය මාස 22කුමාරසිංහ නමැති පුද්ගලයෙකු තමන් පදවාගෙන යන ලොරිය තුළදී
ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙනවා, කුමාරසිංහ නමැති පුද්ගලයාට වයස අවුරුදු 42යි. ඔහු රියදුරෙකු විදියට සේය කරනවා. ඔහුගේ අම්මා අංශභාග රෝගියෙක්. තාත්තා දියවැඩියාව නිසා කකුලක් අයින් කරලා. කුමාරසිංහට දරුවො දෙන්නෙක් ඉන්නවා, ඔහුගේ බාල දරුවා මන්දමානසික දරුවෙක්.  එහෙම තියෙද්දිත් මේ කුමාරසිංහට හැකි වෙනවා ඒ පළාතේ ජනතාවගේ ආදරණීය චරිතයක් වෙන්න. ඔහු පසල එක්ක සමීපයි. මුස්ලිම් මිනිස්සුන්ටත් උදව් කරනවා. සිංහල මිනිස්සුන්ටත් උදව් කරනවා, රියදුරු වෘත්තිය කරගෙන ජීවිතේ ගැටගහගෙන ගිය මනුස්සයෙක්. ඔහු ලොරිය පාර එළවගෙන එනවා. පසුපසින් ආපු ත්‍රීවිලර් රථයක් දිගින් දිගටම හෝන් ගහනව වාහනේ ඉදිරියට ගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් ලොරි රථයක් එහෙම ඉස්සර කරන්න අමාරුයි.


ඒ වගේම ලොරි රියදුරන් ඉඩ දෙන්නේ ඔහු ආරක්ෂිත නම් පමණයි. අවාසනාවකට මේ ත්‍රිරෝද රථයට ඉඩ නොදුන් නිසා ත්‍රිරෝද රථයේ සිටි පිරිස ලොරි රථය හඹාගෙන යනවා, ලොරිය නතර කරන්නේ සිංහ පිරවුම්හලේ. ලොරිය නතර කරපු ගමන් පසුපස ත්‍රීවීලර් එකේ ආපු තරුණයෝ හතරදෙනාම ඒ පිරවුමිහලේ මුරකරුගේ පුටුව අරගෙන ඇයි ඉස්සර කරන්න ඉඩ නොදුන්නේ කියල පුටුව කැඩෙනකම් ලොරීයේ රියදුරාගේ ඔළුවට පහර දෙනවා. බෝතල්වලින් ගහනවා. ඊට පසුව දවස් නවයක් රෝහල් ගතවෙලා ඉඳල අවාසනාවන්ත ලෙස ඔහු මිය යනවා. මේ වගේ සිද්ධීන් ඕනෑම ජන කණ්ඩායමක් තුළ සිද්ධවෙන්න පුළුවන්. මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, බැණස්ගන්නවා. බුදු හාමුදුරුවෝ පවා මේ ගැන දේශනා කරලා තියනවා.
“කුද්දො අත්තං නජානාති, කුද්දෝ ධම්මං න පස්සතී". මිනිස්සු කිපුණාට පස්සෙ ඒතරහව පාලනය කරගන්න බැරී වුණාත් අර්ථයක්, ධර්මයක් මුකුත් දකින් නෑ . මිනිස්සු මිනිස්සුන්ව මරන්නේ. එකට බොනගමන් මරන්නේ ඒ කයි.
දැන් මෙතැන සිද්ධිය වෙනස් ප්‍රශ්නයක්. මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සිංහලයන්ට පහර දීලා. එහෙම දෙයක් වුණහම ඒකෙ හැඩේ විතරයි බලන්නේ.
මේ අවිද්‍යාත්මක දේශපාලනය ඇතුළ පුරුදු කරල තියෙන්නේ එහෙමයි. මුස්ලිම් කෙනත් මනුස්සයෙක්, සිංහල කෙනත් මනුස්සයෙක් හැටියට නෙමයි බලන්නේ. මූ මුස්ලිම්, මූ සිංහල මේක කොහොමද වවාගෙන කන් මේකෙන් කොහොමද දේශපාලන වාසියක් ගන්න කියන තැනට වැටිල. අපි පළමුවෙන්ම චෝදනා කරනවා මේ ඇතිවෙච්ච සහ ඇතිවන සිද්ධිවලට සම්පුර්ණයෙන්ම මේ රටේ අගමැතිවරයා සහ පොලීසිය වගකිවයුතුයි කියලා. හේතුව පොලීසිය මේ වෙද්දී මරණයට පත්වෙච්ච කුමාරසිංහ මහත්තයට පහරදීපු මුස්ලිම් තරුණයෝ අත්අඩංගුවට අරගෙන ඉන්න. හැබැයි, අපි දන්නවා අන්තර්ජාලයේ හැමතැනම මේ මාධ්‍යවලට බණිනවා. මාධ්‍යවලට බැණල වැඩක් නෑ. එක්කෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන මේක පළකරන්න කියලා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් කෙරූවා නම්, තෙල්දෙණිය සිද්ධියේදි මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා, පුද්ගලයෙකුට පහරදීල තියෙනවා,
රෝහල්ගත කළා, දින ගණනක් ඇවෑමෙන් ඔහු මරණයට පත් වුණා, ඒ පහර දීපු කණ්ඩායම
පොලිස් අත්අඩංගුවට අරගන රක්ෂිත බන්ධනාගාරගත කළා කියලා මේ තරුණ කොටස් අතර ආවේග මතුවන්නේ නෑ.


මමත් ඒ මළගෙදර ගියා රාත්‍රියේ. ඒ පන්සලේ හාමුදුරුවෝ අපට කීවා "ඥානසාර හාමුදුරුවන් (මේ ප්‍රශ්නෙ අපි හොඳින් විසදගෙන තියෙන්නේ, පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනවා, ගහපු අය අත්අඩංගුවට අරගෙන තියෙනවා, දැන් අපේ වගකීම වෙලා තියෙන්නෙ කාටවත් ගහල බැණල ගෙවල් ගිනි තියන එක නෙමෙයි, ඒක මෝඩකමක්. පන්සලේ හාමුදුරුවො හැටියට මම මහන්සි වෙන්නෙ. අම්මා අංශභාග රෝගියක්. තාත්තගෙ කකුල කපලා එයා දියවැඩියා රෝගීයෙක්. මන්දමානසික පුතෙක් ඉන්නවා. අට වසර ඉගෙන ගන්න දුවක් ඉන්නවා. මේ පිරීමියා නැතිකමින් වැන්දඹු වෙච්ච කාත්තාව ඇතුළු පිරිස ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ අය අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද? මේ මිනිස්සු කෑ ගහල දවස් දෙක තුනකින් යන්න යාවි"
. අපි කීවා, "හාමුදුරුවන්නේ ඒක තමයි ඇත්ත. ඒක තමයි විය යුත්තේ. දැන් වෙච්ච සිදුවීම වුණා. මෙවැනි දේවල් නොවෙන තැනට අපි වග බලාගත යුතුයි. ඒ වෙනුවෙන් අපි සාකච්ඡාවක් කරමු. කිසිම කෙනෙක් කලබලයක් ඇති කරගන්න එපා. කලබල ඇති කරගන්න හැම වෙලාවකම මේ රට වැටෙනවා. ඒක අපිට අවාසියි. අපිට අත්දැකීම් බොහොමයක් තියෙනවා. මොකද කතාකරන බොහෝ දේවල් දේශපාලකයා මතුපිටින් කතා කළාට ඒ අය හිතනවා රටේ මේ ප්‍රශ්න ඇති වුණේ නැතිනම් කියලා." කෙසේ හෝ වේවා පොලීසිය මේ දේ  රටට හෙළිදරව් නොකිරීම විශාල අත්වැරැද්දක්, රටට මේක කීව නම් කෙනෙක් මැරුණා, පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනවා කියලා මෙහෙම ප්‍රශ්න ඇතිවෙන් නැහැ. නමුත් මේක රටට ගියේ නෑ, කිසිම මාධ්‍යකට දුන්නෙ නෑ.  දැන් තියෙන ගැටලුව තමයි මේ සිද්ධිය පදනම් කරගෙන රටේ කලකෝලහල පටන් අරගෙන තියනවා. කඩවල්වලට ගහලා. මිනිසුන්ට ගහලා. මේක කළයුත්තක් නෙමයි. ඒ නිසා කරුණාකරලා අපි කියනවා මේ රටේ. දඟලන, නගරම්පාන, එඩිකමිපාන සියලුම පාර්ශ්ව කරුණාකරල නවතින්න. මොකද හේතුව
මේ රටේ තියෙන්නේ ඉතාම භයානක තැනක. එහෙන් ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියා කියා දගලනවා. සාකච්ඡා විතරයි. රට එකම තැන හිරවෙලා උගුරෙ කට්ටක් හිර වුණා වගේ. උඩට ගන්නත්, බෑ පහළට ගන්නත් බෑ. තීන්දු ගන්න කෙනෙක් නෑ, අයාලේ යනවා. එවැනි තත්වයක් ඇතුළෙ අපි දන්නෙ නෑ මේ බලවේග
වහාම අපිත් සහයෝග හිදින්නම්, මේක නිවන, සංසුන් වෙන්න. බිල්ඩිම් ගිනි තිබ්බා කියල මේක නවතින්නෙ නෑ. ඒවට තට්ටු ගණන් ගහන්න සල්ලි ලැබෙයි.
ඒනිසා අපි කරකරල කියනවා. මේ ගැන සාකච්ඡාවක් කරන්න. කොමිසමක් පත්කරන්න. මේ ප්‍රශ්න අපි සාකච්ඡාවක් තුළින් විසඳගමු. මේ  විපත්තිය සම්පත්තියක් කරගෙන අපි ඉදිරියට මෙවැනි දේවල් නොවෙන්න වග බලාගමු.

 තෙල්දෙණීයේ මුල්වරට කඩ ගිනිතැබූ  4 වනදා රාත්‍රියේ ඥාණසාර හිමි තෙල්දෙණියේ පිහිටි මළගෙදරට එක්වූ අවස්ථාවේ වීඩියෝව පහතින්