කාන්තාවකගේ නිරුවත් පින්තූර ලබා ගෙන එය සමාජ ජාල වෙබ් අඩවියට මුදා හරින බවට තර්ජනය කළ පුද්ගලයකු කාන්තාවගේ නිවෙසට ගෙවා ගෙන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණ අඹුසැමි යුවළක් පෙරේදා (07) වෙන්නප්පුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීමෙන් තුවාල ලබා ඇති පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව හදුනාගෙන තිබේ.

මුහුණු පොතෙන්

හඳුනාගත් බව කියන පුද්ගලයකු කාන්තාවගේ නිවසට ගෙන්වාගන අනියම් ඇසුරක් පවත්වාගන ගොස් තිබෙන බවට අනාවරණය වී ඇත.

එම කාලයේදි අදාළ පුද්ගලයා කාන්තාවගේ නිරුවත් පින්තුර ජංගම දුරකථනයෙන් ලබාගෙන ද එය සමාජ ජාල වෙබ් අඩවියකට යවන බවට කාන්තාව බියගන්වා ඇති බවත් අනාවරණය වී තිබේ.

සිද්ධිය කාත්තාවගේ සැමියාට ආරංචි වී බිරිඳගේ දුරකථනයෙන් සැකකරු නිවසට ගෙන්වා ගෙන ජංගම දුරකථනයේ තිබූ නිරුවත් පින්තූර මකා පහරදී තිබේ. පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හා ඔහුට අනුබල දුන් කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පහර කෑ පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි,
අත්අඩංගුවේ සිටින දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වෙන්නප්පුව පොලීසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.