Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



ලංකාවේ තේ තහනමට හේතුව
ඔත්තුකරුවෙක් ?


ශ්‍රී ලංකාවට පැනවූ රුසියානු තේ තහනම පසුපස කෘමි ප්‍රශ්නයට වඩා බරපතළ රාජතාන්ත්‍රික කතාවක් ඇතැයි සතිඅන්ත
දේශය පුවත්පත වාර්තා  කරයි. එහි සඳහන් වන ආකාරයට අප්‍රකාශිත මෙම සිදුවීම රුසියානු ඔත්තුකරුවකු හා සම්බන්ධ ප්‍රශ්නයක් යැයි කියැවේ. මෙම තැනැත්තා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඇමෙරිකා එක්සත්
ජනපදය සහ රුසියාව

යන දෙරට තුළින් ඉල්ලා සිටියේ තම රටවලට වහාම ඔහුව බාරදෙන ලෙසයි.

ප්‍රබල ඔත්තු සේවා නිලධාරියකු යැයි සැකකරන රුසියානු ජාතිකයා දෙරටෙන්ම ඉල්ලා සිටීමෙන් පසුව ඔහු දකුණේ හෝටලයක නැවතී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණයේ තීන්දුව මත සුදුසු තීරණ ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණු වී තිබිණි. කෙසේ හෝ අධිකරණයට ඉදිරිපත් කළ මෙම තැනැත්තාට අධිකරණයෙන් ඇප නියම විය. ඉන්පසුව ඔහු අතුරුදන් වී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ ශ්‍රී ලංකාවේදී අතුරුදන් වූ ඔත්තු නිලධාරියා ඇමෙරිකාවටත් වඩා රුසියාවට වැදගත් පුද්ගලයකු වූ නිසා ඒ ගැන රුසියානු බලධරයන්ගේ ඉල්ලීමත් ඊට දැක්වූ ප්‍රතිචාරත් මේ තේ තහනම කෙරෙහි වක්‍රව බලපා ඇතැයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි ඇමරිකාවද තවමත් මේ ගැන ඇස ගසාගෙන සිටින බව කියැවේ.

කෙසේ වෙතත් තේ තහනමට මෙරට ඇස්බැස්ටස් තහනමද බලපා තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා තිබුණි.













Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements