හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගිය නිසා විහේෂ සෙවුම් මෙහෙයුමකට ලක්වූ ගල්ගමුවේ තනි දළයා නැමති හස්තියා එම ප්‍රදේශයට ආසන්න මොටහෝනෑව ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙයි.

වනජීවි දෙපාර්තමේන්තුව,

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙය සිදු කර ඇත.
පසුගිය 21 වන දා තනි දළයා හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් 3 වන වරට පැන ගියේ එහි ආරක්ෂිත වැට ද කඩා දමමිනි.

හෙක්ටෙයාර් 1000 ක විශාලත්වයෙන් යුත් මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ගල්ගමුවේ තනි දළයා, හම්බෙගමුවේ නියපොත්තා ඇතුළු දරුණු ඝණයේ අලි ඇතුන් 33 දෙනෙකු පමණ රඳවා සිටී.
 තනි දළයා පැන යාමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවද වාර්තාවේ.