යාපනය,නාගදීප දූපතට පිවිසෙන මාර්ගය මුහුදු ජලයෙන් යටවි ඇති බව වාර්තා වේ.
කුරිකට්ටුවාන් ජැටියට පිවිසෙන මාර්ගය හරහා මුහුදු ජලය ගමන් කරන බව එම ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන්
පවසා තිබේ.

පවතින සුළං තත්වය හමුවේ ඇතිව තිබෙන උස් මුහුදු රළ හේතුවෙන් මුහුදු ජලය මාර්ගය හරහා ගමන් කරමින් තිබෙන බවද වාර්තා වේ.
පවතින දැඩි සුළං සමඟ හටගෙන ඇති දැඩි රළ තත්වය හේතුවෙන් යාපනය නාගදීප හා යාපනය ඩෙල්ෆ් දක්වා බෝට්ටු මඟින් ගමන් කිරීමට නොහැකි වි ඇති බවද යාපනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසයි‍ෙ
දැඩි සුළං තත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසට ධීවරයින් දැනුවත් කොට ඇති බව යාපනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් ප්‍රකාශ කළේය.