ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොයුරකු වු පල්ලේවත්ත ගමරාළලාගේ ප්‍රියන්ත මහතාට  පොරවකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවු පොළොන්නරුව නව නගරයේ හතර ඇළ
ලිපිනයේ පදිංචි

හපුත්න්ත්‍රීගේ දොන් ඉෂාන් ලක්මාල් නැමැති අයට බරපතල වැඩ ඇතිව වසර 18ක සිරදඩුවමක් නියම කරන ලදි.
පොළොන්නරුව මහ අධිකරණ විනිසුරු නිමල් ජයවීර මහතා විසින් ඊයේ මෙම නියෝගය දෙන ලදි.ඊට අමතරව මියගිය අයගේ පවුලට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා රුපියල් විසිදහසක දඩ මුදලක් නියම කරන ලදි.
විත්තිකරු දඩ මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර දෙකක අතිරේක සිර දඩුවමකටද  දඩ මුදල නොගෙවන්නේ නම්  මාස හයක අතිරේක සිර දඩුවමකටද  විත්තිකරු යටත් කරන ලදි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ 2015 මාර්තු 26 වන දින පොළොන්නරුව හතර ඇළ ප්‍රදේශයේදීය.
පුද්ගලික ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුවිය.


එස්.ටී.පි සිල්වා