විජේදාස අනුරාධපුර ‘මෑණියෝ‘ හමුවෙන්න ගිහින්ලු
විජේදාස ඉවත්කරන්නැයි කබීර් මෛත්‍රීට ලිඛිතව දන්වයි

අධිකරණ ඇමතිධූරය තලතාට?

විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට අධිකරණ ඇමති ධූරයෙන් ගෞරවාන්විතව ඉවත්වන ලෙස ඊයේ (21) සවස 6 දක්වා එජාප කණ්ඩායම් එක්වී පෙරේදා කළ ඉල්ලීම මායිම් නොකළ ඔහු දිගටම මුණිවත රැක්කේය.
ඇමතිවරයා ඉදිරි දිනවලදී දේශපාලන වශයෙන් බලවත් වන බවට අනුරාධපුර ප්‍රදේශයේ ගුරුකම් වලට ප්‍රසිද්ධ ‘මෑණියෝ‘ කෙනෙකු පැවසූ අනාවැකියක් නිසා මේ දිනවල අනුරාධපුරයේ නිරන්තරයෙන් සැරිසැරූ බවටද වාර්තා පළවිය.
එම අනාවැකියෙන් පවසා ඇත්තේ ලබන දෙසැම්බරය වනවිට
විපක්ෂ රජයක් බිහිවන බවත්

එහි අගමැති ධූරයට එජාපයේ පිරිසක් සමග විපක්ෂයට යන විජේදාස ඇමතිවරයා පත්වනු ඇති බවත්ය.

පක්ෂය ලබාදුන් කාලය තුළ ප්‍රතිචාර නොදැක්වූ නිසා ඒඅනුව ඊයේ සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පිලිබඳ දැඩි තීරණයක් ගන්නට සිදුවිය.ඒ අනුව විජේදාස අමාත්‍යවරයා දැරු සියලුම අමාත්‍යධුරවලින් ඔහුව ඉවත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
යන කෙනාට යන්න අරින්න යයි ඇමති රාජිතද ජනපතිට දන්වා තිබී ඇති අතර
අධිකරණ ඇමති ධූරයට එජාපය වෙනත් කෙනෙකු නම් කරන්නේ නම් ජනපතිවරයාට එයට එකඟවීමේ ගැටලුවක් නොමැති බවද වාර්තා විය. ඒ අනුව
 විජේදාස රාජපක්ෂ මහතාගේ අධිකරණ අමාත්‍යධුරය විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මියට ලබාදීමට රජය තීරණය කර ඇති බව අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි. මින් ඉහත නීතීඥ ජයම්පති වික්‍රමරත්නගේ නමද මෙයට යෝජනාවී තිබුණි.
කෙසේ වෙතත් බුද්ධ ශාසන විෂය විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගෙන් වෙනස් කරාවිදැයි පැහැදිලි නැති අතර එය ඔහුගෙන් ඉවත් නොකරන්නට ඉඩ ඇති බවද වාර්තා විය.