චාලි ඔස්ටින් මගේ ඩ්‍රයිවර් වගේ..
2006 දේශපාලන උවමනාවට
අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සනත්ව දැම්මා..

- මහේල හෙළිකරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව තිබෙන ඉරණම ගැන බීබීසී සිංහල සේවය සමග සිදු කළ සාකච්ඡාව මේ දිනවල පවතින ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් වැදගත්වෙයි.
"මගේ ක්‍රිකට්වලට අමතරව මගේ තියෙන අනිත් වැඩවලට මම කෙනෙක් පත්කරගන්නවා, එහෙම නැතුව අපි කවුරුත් චාලි ඔස්ටින්ට
වැඩ කරන්නේ නැහැ.
ඒක නිකන් මම සාමාන්‍යයෙන් රියදුරෙක් ගන්නවා වගේ මගේ වැඩ කරන්න.

 කොහොමවුණත් කළමනාකරුවන් ගැන හොයල බලලා පාලනයක් ගේන එක හොඳයි.ඒ පාලනය කළමනාකරුවන්ට විතරක් නෙවෙයි ක්‍රිකට් බලධාරීන්ටත්, දේශපාලනයටත් පොදු වෙන්න ඕනේ, මම වගකීමෙන් කියනවා මම නායකත්වය දරද්දී 2006 එංගලන්තයේදී ඊට පස්සේ අතිරේක ක්‍රීඩකයෙක් එවනවා ක්‍රීඩා ඇමතිතුමා මේ ක්‍රීඩකයවත් ගන්න කියලා, ඒවත් බලපෑම්, ඒවත් පාලනය විය යුතුයි.

අවුරුදු 2කට කළිනුත් කිව්වා, 10කට කළිනුත් කිව්වා ක්‍රිකට් ඉදිරියට ගන්න නම් ශක්තිමත් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් ඇති කළ යුතුයි, අපිට තියෙන්නේ ක්‍රිකට් ප්‍රශ්න, ඒවාටයි පිළියම් යොදන්න ඕනේ. මෙහෙම වුණාම ක්‍රීඩකයන් බෙදිලා යනවා, අපි සෙල්ලම් කරන්නේ හොඳ තරග නෙවෙයි, අපි හොඳම ක්‍රීඩකයෝ ටික එකතුකරගෙන සෙල්ලම් කරන්න ඕනේ.‘
(මහේලගේ ප්‍රකාශයේ හැටියට 2006 දේශපාලකයින් යොමුකළ අතිරේක ක්‍රීඩකයා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරියයි)

මහේල කියූ ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් සාකච්ඡාවේ වීඩියෝව පහතින්