‘මං ප්ලෑන් කරපුවට මොකද වෙන්නෙ..‘
මුදල් ඇමතිකම මංගලට භාර දෙන්න රවී කැමතිවුනේ නෑලු

අද උදෑසන සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් ඇමති ධූරය රවීගෙන් මංගලට මාරුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා එජාපයේ කැබිනට් මණ්ඩල අමාත්‍ය වරුන් ඊයේ රාත්‍රී අරලියගහ මැදුරට කැඳවූ අගමැතිවරයා සඳුදා උදේ කැබිනට් සංශෝධනය අනුව
මුදල් ඇමතිකම වෙනස්වන

බව දන්වා සිටි අතර මංගල සමරවීර මහතාට මුදල් සහ ජනමාධ්‍ය ඇමැතිධූර ලබා දීමට නියමිත බවත් ඔහුගේ විදේශ ඇමැති ධූරය රවි කරුණානායක මහතාට ලබා දීමට නියමිත බවත් දන්වා තිබේ. මෙම වෙනස ගැන ජනාධිපතිද අනුමැතිය දුන් බව දන්වා තිබේ.
මුදල් ඇමැතිධූරය තමාගෙන් ඉවත් කරනවාට එම අවස්ථාවේ රවි කරුණානායක ඇමතිවරයා එක්වරම කැමති නොවූ බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
‘මං මෙච්චර දවස් ප්ලෑන් කරපුවට මොකද වෙන්නෙ..අනික මට විදේශ ඇමතිකමකින් මොනව කරන්නද‘ ඔහුගේ මැසිවිල්ල වී තිබේ.

එම අවස්ථාවේ අගමැතිවරයා රවීට කරුණු පැහැදිලි කර දී ඇත. අනාගත රටේ නායකයෙකු වීමට තමා සිතා සිටින්නේ නම් විදෙස් නායකයන් හමුවී දැන හඳුනාගෙන සිටීම වැදගත් බව එම අවස්ථාවේ අගමැතිවරයා රවීට සැනසිල්ලට ලබාදුන් පිළිතුරයි. ඒ ගැන විස්තර කිරීමෙන් පසු රවි තැන්පත් වී නිහඩවූ බවද වාර්තා විය. මංගල සමරවීරට මුදල් ඇමතිකම හා ජනමාධ්‍ය ඇමතිකම ලබාදීම රනිල් මෛත්‍රීට හිටපු ජනපතිනියගෙන් ලැබුණ උපදෙස් මත සිදුකර තිබේ යන්නද දේශපාලන ආරංචි අනාවරණය කරයි. පැවති චන්ද්‍රිකා රජයේ ප්‍රබල ඇමතිවරයෙකුවූ මංගල ජනමාධ්‍ය ඇමති තනතුර මින් ඉහතද දරා ඇත.

ජනමාධ්‍ය ඇමැතිධූරය දැරූ ගයන්ත කරුණාතිලකගෙන් ජනමාධ්‍ය කොටස මංගල සමරවීරට පැවරීම නිසා ගයන්තට ඉඩම් අමාත්‍යාංශය ලබාදී ඇත.