පසුගියදා කඩාවැටුණු වැල්ලවත්ත ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව තිබූ ෂන්මුගම් අන්නලෙච්චමී නමැති 60 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුර ඉරිදා සවස  සොයාගෙන තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ඇය එම ගොඩනැගිල්ලේ පිරිසිඳු කිරීමේ රැකියාවක නිරතව සිටියාය.
මින් ඉහත මෙම ගොඩනැගිල්ලේ සේවය කළ තරුණයින් දෙදෙනෙකු සිද්ධිය නිසා මියගොස් තිබුණ අතර
ඒ අනුව මෙම අනතුරෙන් මියගිය පුද්ගලයින් ගණන 03ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සිද්ධිය නිසා පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලැබූ අතර මේ වනවිට එහි හිමිකරු රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.
අතුරුදන් අය සොයා අවසන් නිසා සිදු කළ සෝදිසි මෙහෙයුම් අවසන් කර තිබේ.