ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල අරයුමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ඔස්ට්‍රේලියාවේ.
රාජ්‍ය සංචාරයක් සඳහා අද (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරතවන දෙවැනි අවස්ථාව මෙය වෙයි. මීට පෙර ශ්‍රී ලංකාවේ නායකයකුට ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබ තිබුණේ 1954 වසරේදීය. එවකට ශ්‍රී ලංකාවේ අගමැති ධුරය හෙබවූ සර් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා විය.