තමා විසින්ම තමාගේ වාහනයට වෙඩි තබාගත්තැයි
සැක මත සමීර සේනාරත්න ප්‍රශ්න කෙරේ

වෙඩි තියාදුන් කඩුවෙල බලවතාගේ ගෝලයින් අතුරුදන්

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධාක නිලධාරී  සමිර සේනාරත්නට පසුගියදා එම විශ්ව විද්‍යාලය ආසන්න ස්ථානයකදී රාත්‍රී කාලයේ වෙඩි තැබිමේ සිද්ධියක් වාර්තාවීමෙන් පසුව ඒ ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමට දිගින් දිගටම සැක මතුව තිබුනේ
එම වෙඩි පහර වැදී ඇති ආකාරයට ඇතුලේ සිටි අය නිරුපද්‍රිතවීම පුදුම සහගත බව හැඟුණ නිසාය.
මෙම සිද්ධියට පසුදා අප වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් පළවූ පාඨක මතයන්ද ගෙනහැර දැක්වූ අතර එයින්ද වැඩිදෙනෙකු කියා තිබුනේ මෙම ක්‍රියාව ‘බොැරු රඟපෑමක්‘ විය හැකි බවයි. සයිටම් විරෝධය රටපුරා දැවැන්ත ලෙස සිදුවන අවස්තාවක එහි වාසිය අනුකම්පාවෙන් ලබාගන්නට දැරූ උත්සාහයක් ලෙසටද එහිදී ඇතැම් අය විවේචනය කර තිබුණි.

මෙම ආරම්භක සැකය පමණක් නොව සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බැලීමේදී වෙඩි වැදුණ ස්ථානයට පැමිණි ඇම්බියුලන්ස් රියදුරුගේ සාක්ෂිය හා සමීරගේ සාක්ෂිය පරස්පරවීමත් ඉන්පසු සීසීටීවී දර්ශන ඇසුරින් සැකකටයුතු අය විමසීමේදීත් පොලිසියට මෙය නිර්මාණාත්මක ක්‍රියාවක්  බවට ඒත්තු යන සාධක රැසක් හඳුනාගන්නට ලැබිණි.

ඒ අනුව මෙම සමස්තය සමීර විසින්ම සැළසුම් කළ එකක් බව පෙනී ගොස් ඇති අතර ඊයේ ඔහු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කර තිබේ.
 තවමත් ඒ ගැන සියලු විස්තර නිල වශයෙන් මාධ්‍ය වෙත ලබාදී නැති නමුත් වාර්තාවන ආරංචි අනුව පැවසෙන්නේ සමීර මේ සඳහා කඩුවෙල ප්‍රදේශයේ ප‍්‍රාදේශිය දේශපාලඥයෙකුගේ උදව් ලබාගෙන වෙඩි තැබීමට පුද්ගලයන් දෙදෙනෙකුගේ සහායද ලබාගෙන ඇති බවයි. ඔවුන් මේ වන විට ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බවද වාර්තාවේ.
ගිනි අවි භාවිතා කරමින් ජනතාව නොමග යවන ආකාරයේ හැසිරීමක නිරතවීම මෙන්ම පොලිසියට බොරු පැමිණිලි දමා ආරක්ෂාව ඉල්ලීම වැනි කාරණා කිහිපයක් මත මෙම සිද්ධිය මේ වනවිට සංකීර්ණ තත්වයකට පත්ව ඇත.
සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන සිදුවන අතර ඉදිරියේදී මේ සිදුවීම පොලිසිය මගින් අධිකරණයට වාර්තා කරනු ඇත.

සිද්ධිය හා සම්බන්ධ ගොසිප් ලංකා පෙර ලිපි
සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීම ගැන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ප්‍රකාශය පරස්පරයි HERE
සයිටම් ප්‍රධාන විධායකගේ වාහනයට වෙඩි වැදීම බොරු රඟපෑමක් HERE