සයිටම් ප්‍රධාන විධායකගේ වාහනයට වෙඩි වැදීම
බොරු රඟපෑමක් ?

මේ දිනවල ආන්දෝලනයට තුඩු දුන් ප්‍රද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව පිලිබඳ දැඩි උණුසුම් තත්වයක් පවතිද්දී එම ආයතනයේ ප්‍රධාන විධායකවරයාගේ වාහනයට ඊයේ රාත්‍රී වෙඩි පහර 4 ක් එල්ලවී තිබීම සහ කිසිදු හානියක් සිදු නොවී අදාළ නිලධාරියා කම්පන තත්වය යයි කියා රෝහල් ගතවීම ජනතා ආකල්ප වෙනස්කර අනුකම්පාව දිනාගැනීමට කළ බොරු රඟපෑමක්
දැයි මේ වනවිට ඇතැමුන්ට සැක මතුවී තිබේ.
මෙම සිද්ධිය ඊයේ රාත්‍රී වාර්තා වූවායින් පසු ගොසිප් ලංකා වෙත පාඨකයින් දැක්වූ වැඩිමනක් අදහස් වලින් එම සැකය තවත් තීව්‍රවී තිබේ.
පහත පළවන්නේ සිද්ධිය උපහාසයෙන් හා සැකයෙන් යුතුව පාඨකයින් තේරුම් ගත් ආකාරය ප්‍රකට කළ එම කොමෙන්ටු වලින් කොටසකි.
---------------

"මම මේ ඇස් දෙකෙන්ම දැක්කා ඒ බයිසිකලේ පිටිපස්සේ හිටියේ කාලෝ ෆොන්සේකා.ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන පිස්සෙක් වගෙ නිකම් පිස්සෙක් වගේ වෙඩි තියාගෙන තියාගෙන ගියා.."
-චතුර සේනාරත්න.. (chathura)

ඔව් බන් මාත් ඒ video එකෙන් "පැහැදිලිව දැක්ක" ප්‍රබු කෙනෙක් ගේ පුතේක් ඉන්නවා ඒ බයිසිකලේ, හැබැයි video එක Canada යවන්න වෙනවා මොකද දර්ශන පැහැදිලි නැ කිසිම දෙයක් අදුන ගන්න බැ
(ජෝක් එකක් හිනාවෙන්න ලිව්වේ, දැන් ඔය ඇමෙති වරු කියනවිදියට , අර රගර් ක්‍රීඩකය මැරුණු විදිය )
(minimora)

ලගටම ඇවිත් වෙඩිතියලත් පොඩ්ඩක්වත් දොස්තර මහත්තයට හානියක්වෙලා නැහැනේ. බලන්නකෝ ඒකෙත් හැටි. ඔය කාර් එකත් එක්ක තරහ කාරයෙක් ෂුවර් එකටම.
(Manoj)


Lights ! Camera ! aaaaaand............ Action. cut cut cut! Aiyo Sir poddak seat eka pitipassat kara gannako.. . anna hari poddak ela wela inna seen eka iwara wenakan. dannawane poddak ehemehe unoth okkoma gus. Ok TAKE 2 Lights ! Camera ! aaaaaand............ Action.
(ටෞකන්ඩ)


මම ට්ක වෙලාවකට පස්සේ එතනින් ආවේ, සිල්වර් පාට පරණ ඇක්සියෝ එකක් පාර අයිනේ පේව්මන්ට් එක උඩ තිබ්බා, SAITM CEO ඉතාමත් සාධාරණ ව්‍යාපාරයක් කරන ඉතාමත් ලාභ කාර් භාවිතා කරන නිහතමානී කෙනෙකු බව තේරුම් ගත්තා
(පදිකයා)


හරි වෙඩිල්ල පත්තු වෙන්නත් පුළුවං මහත්තයො. පුස් වෙඩිල්ලට පස්සෙ. සෙල්ලං ලෙල්ලං වෙනවා.
(පාකි නකා)

Meya janathawa nomaga yawimak, me pitupasa anduwe marainge wenath kumanthranayak athi bawa pene,
(cid)



Dr. නෙවිල් ප්‍රනාන්දු හින්දි චිත්‍රපට බලනවා වැඩි ද මන්දා.
හරියට වෙඩිල්ලක් වත් තියාගන්න බැරිවෙන තරමට අපේ රටේ පාතලය කුජීතවෙලා ද ? දැන් පෙන්නනවා පුළුල් තිරයේ "සයිටම් වෙඩිල්ල" මාරාන්තික කොමඩි චිත්‍රපටය.
(පාතාලයා)


නියමයි.මෙකත් බොරු රගපැමක්ද කියලා හිතෙන්නෙ මට විතරද ? නැත්නම් වෙඩි නොවදින ගුරු කමක් කලාද ආසිරිය වත්
(Ginger Nangi)

බොරු රගපෑමක් තමයි බං. නැහ්නං ඇත්තටම අසනීප උනානං SAITM රෝහලට ඇතුලත් කරයියෑ. වැරදිලාවත් බේත් දුන්නොත් මොන දෙයියන්ට කියන්ඩද?
(බුරුත අත්තාපිටිය)

වෙඩි තියපු උන් මාර වැඩකාරයෝ. වෙඩි හතරක්ම තියලා එකෙක්ටවත් වදින්නේ නැතිව!
(Priyan)

ඔන්න නිරුවත වසා ගැනීමේ, අනුකම්පාව ලබා ගනීමේ මහා SAITM නාටකය ඇරඹුණා!
(එතුමා)

කොහෙන් හිනාවෙන්දෝ මේවට.. .. ඔබ මෙතෙක් නොදුටු ගොන් පාර්ට්..දෑන් පෙන්වනවා ජහපාලන ආන්ඩුවේ ගොන් පාර්ට්... පමානොවී ඔබේ අසුන වෙන්කරගන්න..
කොස්කොල + ක්‍රෝටන් = ජහපාලනය... ජහ ජහ..
(Shihan)


Children of all thug politicians (both parties) and others (like bus Gemunu) are in SAITM. This is just a act. Nothing had happened to people who were inside the vehicle. But, beware same thing might happen to the SAITM against party with serious damages. This might be the step 01 of that plan.
(Ruwani)


SAITM ekema train karapu thuwakku karayoda danna
(niro693)

මේ ගොල්ලො නම් ඇත්තටම දක්ෂ වෙඩික්කාරයො වගේ. ඇතුලෙ එක්කෙනාට කිසිම හානියක් නෑ. ඉස්සරහ වීදුරැ කුඩු. ඇත්තටම මේ මහත්තයට හොඳටම බය හිතෙන්න ඇති සීන් එකට. බැරි වෙලාවත් වැරදි තැනකට වැදුනනම් පනබේරගන්න යන්න වෙන්නෙ නෙවිල් ප්‍රනනාන්දු එකට නොවෙයි. ආණ්ඩුවෙ ඉස්පිරිතාලයකටමයි.
(නින්ජා)


මෙහෙම බොරුවට වෙඩ් තියාගෙන රංග පාලා සෛටෙම් එකට තත්වයක් ගන්න ලජ්ජා නැද්ද මුන් සේරෙටම. මෙවැනි ජවනිකා පෙන්නලා වෛද්‍ය උපාධිය ප්‍රමිති ගත කරන්න ගන්න උත්සාහය තුච්චයි.
(soththi upali)

මේ වෙඩි තැබීම සිදුවෙලා තියෙන්නෙ වාහනය ධාවනය වෙමින් තිබියදීද නැද්ද කියලා මේ ප්‍රවෘතියේ නෑ. නමුත් මගේ පසුගිය අත්දැකීම් ඇසුරෙන් නිගමනය කරණවා, මේක වෙලා තියෙන්නෙ වාහනය නවත්වලා තියෙද්දී. බොහෝ විට ඒකෙ ඩ්‍රයිවින් සීට් එකේ කවුරුවත් නොසිටි වෙලාවක​. -ඔබ මොකද හිතන්නෙ මේ ගැන වොට්සන්?-
(ෂර්ලොක් හෝම්ස්)

මං හිතන්නෙ මේ වගේ නාඳුනන තුවක්කු කාරයන්ගෙන් වෙඩි කාලා සීරිමක්වත් නැතුව බේරුනු පලමු වෙනියා. ඈ හරකුනේ ඉතින් මූ රෝහලේ ඉන්නෙ මොකොටෙයි? තුවාලයක්වත් නැත්තම්. දැන් ගාඩ් පිට හංගලා ඉන්න එපැයි. බොරුවක්වත් හරියට හදපල්ල.
(Pubudu)

First time in Sri Lanka nothing happens to any one after 4 bullets. Must be a record
(True Boy)


So happy to see public are not so stupid. SAITEM has become a film producer. Any idiot would understand the purpose of these kind of drama is to hide their low standard as a university and get public compassion. Nevil is a businessman and imagine how he can prove giving education to nearly 1000 doctors with 180 patients. Any other medical faculty students variety of patients including general medicine, surgical, paediatric, gynaecology, obstetrics, emergency medicine and also primary care level medicine. He opened a shop without having any of this having offered the degree to people without advanced level exam. Now claim that government has to give access to patients in government hospitals? Common Sri Lankan public open your eyes and stand for your lives. I'm a doctor living overseas and I would love to serve my country but would never fee like coming back after seeing how people try to bring our profession down. Mind you our medical education has a very good reputation in the western world. I hope we can keep its quality .. anything that involves politics in Sri Lanka is corrupted. Do not let the politicians to corrupt the quality of medical practice in Sri Lanka !!!
(Doctor)


ඕකට අපේ ගමේ කොල්ලෝ කියන්නේ, වැඩේ අතෙපත්තු.
(chanda)