ඕ ලෙවල් වත් නැති කෙනෙකුට තානාපතිකමක් 
- ඇතුළේ විරෝධය


මේ දිනවල වත්මන් රජයේ දේශපාලන සබඳතා මත ලංකාව නියෝජනය කරන විදේශ තානාපති තනතුරු වලට නියෝජිතයින් පත්
කිරීම යහමින් සිදුවේ.
පසුගිය රජය දේශපාලන පත්වීම් ලබාදුන් බවට විවේචනය කරමින් තානාපතිවරුන් රැසක් නැවත කැඳවීමෙන් පසුව
එම පුටු වලට මේ ආකාරයේ අය පත්කිරීම

යහපාලනය වෙනුවෙන් දරදිය ඇදි නීතීඥ පිරිසකගේ දැඩි විවේචනයටද ලක්ව තිබේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයද අසමත් තැනැත්තෙකුට තව නොබෝ දිනකින් තානාපති තනතුරක් ලබාදෙන්නට ඉහළ බලපෑම් එල්ලවී තිබෙන අතර ඔහු වැනි අය පත්වුවහොත් ලංකාව  විදේශ රටවලදී හෑල්ලුවට ලක්විය හැකි බැවින් ඒ ගැන දැඩි ආන්දෝලනයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

උසස්‌ නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා අත්දැකීම් පිළිබඳ අවධානයට වඩා ඔවුන් දේශපාලනිකව දක්වා තිබෙන පක්ෂපාතීත්වය හෝ ඔවුන් වර්තමානයේ සිටින දේශපාලන අනාථභාවය වැනි සුදුසුකම් පමණක් මුල්කරගැනීම තානාපති සේවය නැවතත් වලපල්ලට යොමු කරන්නක් බව පෙන්වා දෙන මෙම නීතීඥ පිරිස ඊට එරෙහිව නඩු පැවරීමටද  සූදානමින් සිටිති.