ලියාපදිංචිකිරීමේ දෝෂයක් නිසා 1946 ඉපදුණ අයෙකු 1847 උපන් බව දක්වා හැඳුනුම්පතක් නිකුත් කිරීමෙන් ලොව වයස්ගතම පුද්ගලයා ලංකාවේ අයෙකු බවට පත් කිරීමක් හා එම පුද්ගලයා බැංකු ගනුදෙනු තනිව
කරගන්නට හැකි අයෙකු ලෙස හඳුනාගත හැකිවීමක්

පිළිබඳ පුවතක් ගලහ ප්‍රදේශයෙන් වාර්තා විය.
නුගේ ආරච්චිලාගේ නෙල්සන් සිල්වා නමැති එම පුද්ගලයා වැටකේ පොත අංක 99 වසමේ දියමංකඩ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගියදා බැංකු ගනුදෙනුවක් කරන්නට යාමේදී තමාගේ අනන්‍යතාව තහවුරු කරන්නට වැඩිහිටි හැඳුනුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ 2016.08.30 වැනි දින  නිකුත් කළ එහි සඳහන්ව ඇත්තේ 1946 උපන් ඔහු 1847 උපන්නෙකු ලෙසයි. එ් අනුව ඔහුගේ වයස 169 කි.
මෙම දෝෂය නිසා බැංකු නිලධාරීන් පුදුමවී ඇති අතර ඔහුට නැවත නිවැරදි හැඳුනුම්පත සකස් කරගන්නා ලෙස දන්වා ඇත.